Friday, April 26, 2024

General line - 0115112241

ඉහළ යන විදුලි ඉල්ලුමට මුහුණ දෙන්න නිවස සකස් කරගමු




ඉහලයන විදුලි ඉල්ලුමට සාපේක්ෂව විදුලිය සැපයීම අභියෝගාත්මක කරුණකි. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වාර්ෂිකව මෙ.වො 300කින් පමණ ඉහල යන බව වාර්තා වෙයි.

මේ තත්ත්වයට මුහුණදීමට ජාතියක් ලෙස ප්‍රධාන විසදුම් දෙකක් තිබෙනවා.

1. ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන පරිදි විදුලි බලාගාර ඉදිකිරීම
2. විදුලිබල සංරක්ෂණය සහ කාර්යක්ෂමව විදුලිය භාවිතකිරීම.

මින් වඩා ලාභදායී, පරිසර හිතකාමී සහ ජනතාවට ඉතා සක්‍රීයව දායක වී ආර්ථිකවාසි හිමිකර ගතහැකි ක්‍රමවේදය වන්නේ විදුලිබල සංරක්ෂණය සහ විදුලිය කාර්යක්ෂමව භාවිත කිරීමයි.

විදුලිබල සංරක්ෂණය

විදුලිබල සංරක්ෂණය යනු එදිනෙදා ජීවිතයේදී අඩු විදුලිබලයක් යොදාගෙන සුපුරුදු කාර්යයන් සිදුකර ගන්නා ලෙස තම ජීවන රටාව සහ හුරු පුරුදු සකාසා ගැනීමයි.

මීට උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

1. සෑම විටම ස්වභාවික අලෝකය භාවිතා කරමින් දිවා කාලයේ කටයුතු කිරීම.

2. විදුලි පංකා, වායුසමීකරන භාවිතය අවම වන පරිදි ස්වභාවික වාතාශ්‍රය හොඳින් නිවසට ලැබෙන පරිදි නිවස තුළ පරිසරය සකසා ගැනීම.

3. තම කාර්යය අවසාන වූ පසු විදුලි බුබුලු සහ විදුලි පංකා ආදී විදුලි උපකරණ විදුලියෙන් අක්‍රිය කිරීම.

4. වායු සමීකරන අංශක 26ක ස්ථිර උෂණත්වයක පවත්වා ගැනීම

5. ශීතකරණය පාලනයක් සහිතව භාවිත කිරීම

6. භාවිතාවන වාර ගනන අවම වන පරිදි විදුලි ස්ත්‍රික්කය සහ රෙදි සෝදන යන්ත්‍ර භාවිතය.

 

විදුලිබල කාර්යක්ෂමතාව යනු යම් කාර්යයක් සාපෙක්ෂව අඩු විදුලිබල ශක්තියක් භාවිතා කරගනිමින් සිදුකර ගැනීමයි.

විදුලිබලය කාර්යක්ෂමව භාවිතය

 

තාක්ෂණයේ දියුනුවත් සමඟම විදුලි උපකරනවල කාර්යක්ෂමතාවද ඉහල යමින් පවතිනවා. 

පැරණි අඩු කාර්යක්ෂමතාවයකින් යුත් විදුලි උපකරණ වෙනුවට වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් නව විදුලි උපකරණ මිලදී ගැනීම තුළින් ඔබට දිගු කාලීනව මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. 

ඔබ පැරණි විදුලි උපකරණ භාවිතයෙන් ගෙවීමට සිදුවන අමතර විදුලි පිරිවැය, නව විදුලි උපකරණ මිලදී ගැනීමෙන් සිදුකරන අයෝජනය ඉතා ඉක්මනින් පියවා ගැනීමට හැකිවනු ඇති.

විදුලි කාර්යක්ෂමතාව ඉහල නන්වා ගත හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වෙයි.

1. LED තාක්ෂණයෙන් යුත් ඉහල කාර්යක්ෂමතා ලේබලයක් සහිත විදුලි බුබුලු භාවිතය.

2. ඉන්වර්ටර් සහිත ශීතකරන සහ වායු සමීකරන භාවිතය

3.වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් විදුලි ස්ත්‍රික්ක සහ රෙදි සෝදන යන්ත්‍ර භාවිතය.

4. ගෘහස්ථ සූර්ය පැනල භාවිතය.