Friday, March 29, 2024

General line - 0115112241

එරන්ද වැලිඅංගේට ජනපතිගෙන් සහ අගමැතිගෙන් පත්වීම් දෙකක්

ලක්ෂිත දිල්රුක්ෂණ




හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජාතික තරුණ සේවා සභාවේ සහාපති නීතිඥ එරන්ද වැලිඅංගේ  පත් කර තිබෙනවා.

අද (18) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කළ අතර හෝමාගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට අමතරව හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව පත්කොට තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර හතරකට අධික කාලයක් කටයුතු කරන ඔහු ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයාද වනවා.

ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන එරන්ද වැලිඅංගේ ජනාධිපති නීතිඥ  විජයදාස රාජපක්ෂ  සහ නලින් ලද්දූවහෙට්ටි යටතේ කණිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන අතර ඔහු තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී යොවුන්පුරය, ගමට කෝටියක්, යුතුකම, youth with talent වැනි විවිධ වැඩසටහන් හරහා දක්ෂතා පිරි තරුණ තරුණියන් වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘතීන් ගණනාවක්ම සංවිධානය කරනු ලැබූවා.