Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි නරගයේ සිර වූ පවුලක් (PHOTOS)

හේමන්ත කහවලගේ/පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අධික ණය බර හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව ඩුබායි නගරය තුළ සිරවී සිටින ශ‍්‍රී ලාංකික පවුලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම තත්ත්වයට මුහුණ පා සිටින්නේ මොහොමඞ් ෆෙරාට් අබ්බාස් නමැති පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග මෙන්ම ඔවුන්ගේ 05 හැවිරිදි සහ 06 හැවිරිදි දරුවන් දෙදෙනායි. 

මොහොමඞ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායි හි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත්, 2016 වසරේදී ඔහුට සිය රැකියාව අහිමි වී තිබෙනවා. අනතුරුව ෆෙරාට් අබ්බාස් මෙන්ම ඔහුගේ බිරිඳ ද ව්‍යාපාර කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර කලක් ලාභ ලැබූ එම ව්‍යාපාර පසුව බංකොලොත්භාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ණය පත් සහ ලබාගත් බැංකු ණය වාරික නොගෙවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අවසර හිමිවන්නේ නැහැ. 

ණය බර හේතුවෙන් මාස 10 ක් පමණ සිරගතව සිටි ඉෂාරා විජේතුංග හට මේ වනවිටත් සංචාරක තහනමක් පනවා තිබෙනවා. සිය දරුවන් දෙදෙනා සමග යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට නම් ඇයට ඩිරාම් 52,000 ක මුදලක් ගෙවීමට සිදුවන අතර ඔවුන් සියලුදෙනාගේ වීසා බලපත‍්‍රවල වලංගු කාලය ද මේ වනවිට අවසන් ව ඇති බවයි වාර්තා වන්නේ. 

සිය මව්පියන්ගේ ණය බර හේතුවෙන් පාසල් අධ්‍යාපනයක් නොලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා මේ වනවිට පවුලේ මිතුරන් විසින් ලබා දුන් කුඩා කාමරයක ජීවත් වන බව ද වාර්තා වනවා. කිසිඳු ආදායමක් නොමැතිව ණය ගෙවා දමන්නේ හෝ ඩුබායි නගරය තුළ රැඳී සිටින්නේ කෙසේද යන්න ගැටලු සහගත බවයි ෆෙරාට් අබ්බාස් විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ.