Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කාබන් විමෝචන අවම කිරීමට පෙරමුණ ගනියි




වගකීම් විරහිත බල ශක්ති පරිභෝජනය හා පරිසරය වෙත මුදා හරින කාබන් ප්‍රමාණය හෙවත් කාබන් විමෝචනය ඉහළ යාම නිසා පාරිසරික හා සාමාජිය ප්‍රශ්න රැසක් උද්ගතවී ඇති පරිසරයක් තුල ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශන විසඳුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම "සොභාදහමේ ඇමතුම ඔබටත් ඇසේද?" යන පුළුල් තේමාව යටතේ කාබන් විමෝචනය අවම සමාගමක් බවට පරිවර්තනය වීම සඳහා සාර්ථක පියවරක ගෙන තිබෙනවා.

මෙම ක්‍රියාදාමයෙහි කොටසක් වශයෙන් සමාගමේ දෛනික ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අතර වාරයේදී පරිසරයට මුදාහැරෙන කාබන් විමෝචනය අවම කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

අනෙකුත් සමාගම් වෙත්ද ආදර්ශයක් සපයමින් තිරසාරභාව වගකීම් සහගත ආයතිනික පරිසරයක් බිහිකිරීමට හේතුවන තවත් එක් ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතික මෙහෙවරක් ලෙස මෙය හැදින්විය හැක.

ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු නිසා පරිසරයට සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට පියවර ගනිමින් වත්මන් ගෝලීය ව්‍යාපාරික ලෝකයෙහි පුළුල් පිළිගැන්වීමට ලක්වන සංකල්පයක් බවට පත්ව තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම, වනහරණය, සාගරික ආම්ලිකතාවය ඉහළ යාම,  වායුගෝලයෙහි කබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම, අහිතකර කාලගුණ තත්ත්වය, ආහාර සුරක්ෂිත භාවය පහත බැසීම ආදිය කාබන් විමෝචනයෙහි අනිසි ප්‍රතිපල කිහිපයක් පමණි.

ව්‍යාපාරික මෙහෙයුම් නිසා සිදුවන පාරිසරික බලපෑමෙහි ප්‍රබලත්වයක් ලොවපුරා සමාගම් වල තිරසාරතාවය මනිනු ලබන ප්‍රබල සාධකයක් බවට පත්වීම මෙකී බලපෑමට හේතුවී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමුහය දරන මතය වන්නේ මෙකී අභියෝගය වනාහි දේශීය පරිසරය මත පමණක් නොව සමස්ථ ලෝකයම පුරා විසිරි ඇති වගකීම් සහගත සමාගම් විසින් විසඳා ගත යුතු ගැටළුවක් බවයි. 
 
අනෙකුත් සමාගම් ද ස්වකිය කර්මාන්ත වලින් සිදුවන පාරිසරික බලපෑම් පිළිබද නැවත සිතා බලමින් එම බලපෑම් අවම කිරීමේ සංකල්පයක් මත පදනම්වූ ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකර ගැනීමට පෙළෙඹවීමක් ලෙස ද මෙම මෙහෙවර දැක්විය හැකියි.

මෙරට වගකීම් සහගත සමාගක් වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සේවාවෙහි ප්‍රතිලාභ අත්විදින ගනුදෙනුකරුවන් වෙතද ජනනය වන වටිනාකමක් එක් කරන ප්‍රයත්නයක් බවට මෙය පත්වනු නොඅනුමානයි.