Wednesday, April 24, 2024

General line - 0115112241

හොංකොං විරෝධතා හමුවේ ෆේස්බුක් සහ ට්විටර් තහනමක්

තරංග රුක්ෂාන් ජයසේකර




චීනයට පක්ෂපාතී වන ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිය ගිණූම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සහ ට්විටර් ආයතන තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ අදාළ ගිණුම් හරහා හොංකොංහි දේශපාලන අසමගිය ඇතිකිරීමට කටයුතු කරන බවයි.

මෙම ගිණූම් සියල්ල ආරම්භ කර ඇත්තේ චීනයෙන් බවද ෆේස්බුක් සහ ට්විටර් ආයතන පවසනවා. ඒ අනුව ට්විටර් ආයතනය විසින් ගිණුම් 936ක් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. තවත් ගිණුම් ලක්ෂ දෙකක් සම්බන්ධයෙන් ට්විටර් ආයතනය අවධානයෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.