Tuesday, April 16, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් යැවු රොකට්ටුව චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දියාව අභ්‍යාවකාශ ගතකළ “චන්ද්‍රයාන් දෙක යානය” අද (20) පළමු වරට චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වුණා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අභ්‍යාවකාශ යානය චන්ද්‍රයා වටා කක්ෂ ගත වීම එරට වේලාවෙන් අද පෙරවරුවේ සිදු වූ බවයි.

“චන්ද්‍රයාන් දෙක යානය” ඉන්දියාව විසින් අභ්‍යාවකාශ ගතකරනු ලැබුවේ ඉකුත් ජූලි මස 22වනදායි. ඒ අනුව මාසයකට ආසන්න කාළයකදී යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීම විශේෂත්වයක්. චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයට යානය ගොඩබැස්වීම අරමුණයි.

බොහෝ දුරට සැත්තැම්බර් 06 හෝ 07 චන්ද්‍රයාන් දෙක යානය සඳ මතට ගොඩබැස්වීමට හැකි වනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා. එසේ වුවහොත් සඳ මතට යානයක් ගොඩ බස්වන සිව්වන රට බවට ඉන්දියාව පත්වුනු ඇතියි.