Friday, March 29, 2024

General line - 0115112241

මෙවර ජනාධිපතිවරණයේදී දෙවන සහ තුන්වන මනාපයට වැඩි වටිනාකමක්



මෙවර ජනාධිපතිවරණයේදී දෙවන සහ තුන්වන මනාපයට ද වැඩි වටිනාකමක් ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

ඒ, ඊයේ (20) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායකයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර ජනාධිපතිවරණයට කිසියම් අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඔහු හෝ ඇය සම්පූර්ණ කළ යුතු මූළික කරුණු පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැහැදිළි කිරීමක් ද සිදු කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.