Saturday, April 20, 2024

General line - 0115112241

එජාපයෙන් ජනපතිට රතු එළියක්

දිල්ශාන් තුෂාර/ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරණය අභිමුව යළිත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩු පෙරළියක් සිදු කිරීමේ උත්සහයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂය අද අනාවරණයක් කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහයි.
 

පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ කළ මෙම කරුණු දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කළා. 
 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ කුමන්ත්‍රණ සිදු කරමින් ජනාධිපතිවරයා උත්සහ කරන්නේ ඔහුගේ ආරක්ෂාව සලසා ගැනීමට බවයි. 
 

එක්සත්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් ඇති කිරීමද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පාලිත රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 
 

කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.