Thursday, March 28, 2024

General line - 0115112241

සියළු ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අවසන් - හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ ඇමති මද්දුම බණ්ඩාර කියයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




රටේ ආරක්‍ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්වීම හේතුවෙන් හදිසි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කළ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහගෙන්ද නෙත් නිවුස් මේ පිළිබද විමසීමක් කළා.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් තවත් නීතිරීති පවතින බැවින් හදිසි නීතිය මේ මොහොතේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි. මේ, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස.