Friday, April 19, 2024

General line - 0115112241

ධනංජයගෙන් ශතකයක්

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශි‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 244 කට දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා. මෙය ඔහුගේ 5 වන ටෙස්ට් ශතකයයි. පන්දු 148 කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 16 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම වර්ණවත් කළා. 

නායක දිමුත් කරුණාරත්න ලකුණු 65 යි. පන්දු යැවීමේදී ටිම් සව්ති ලකුණු 63 කට කඩුළු 4 ක් බිද හෙළුවා. ටෙ‍්‍රන්්ට් බෝල්ට් ලකුණු 75 කට කඩුළු 3 යි. 

සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක කඩුල්ලක් දැවී ලකුණු 2ක් ලබාසිටියා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදීයි.