Saturday, April 20, 2024

General line - 0115112241

උලපනේදී දුම්රියක් පීලි පනී - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

රංජිත් රාජපක්‍ෂ




මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියක් තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා. එම දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය සීමා කර තිබෙනවා.  ගම්පොල සහ නාවලපිටිය දුම්රිය ස්ථාන දෙක අතර මගීන් බස් රථවලින් ප්‍රවාහනය කරන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

පිලී පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.