Friday, March 29, 2024

General line - 0115112241

ලසිත් මාලිංග නායකත්වයට 

කසුන් කැලුම්




නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී.

මෙම විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරනු ලැබූ ශ්‍රී ලංකා සංචිතයේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා. 

නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ :

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසුරිය, දසුන් ශානක, වනිදු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ලහිරු මධුසංක.