Friday, March 29, 2024

General line - 0115112241

ජ'පුර සරසවියේ ආදී විද්‍යාර්ථින් සංගමයෙන් සමාජ සත්කාර රැසක් 




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සංවිධානය කරන සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් හෙට (25) පැවැත්වෙනවා. 

" ජයවර්ධන විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන විද්‍යා ආදී විද්‍යාර්ථින්ගේ සංගමය හෙට උදෑසන 7.30ට නාවික හමුදාව සමග එක්වෙලා කඩොලාන පැල දහසක් සිටුවන්න සුදානම් වෙලා ඉන්නේ. ඒ වගේම මන්නාරම වෙරළ තීරයේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරනවා. පසුගිය වර්ෂයේදී අප සංගමය හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් කිහිපයකට වතුර ෆිල්ටර් ලබාදීමක් සිදුකලා. හෙට දිනයේදී ඒ පාසල්වල වතුර ෆිල්ටර් ගැන හොයා බලලා ඒ පාසල් වල තත්ත්වය සොයා බලලා අවශ්‍ය උපකාරයක් සිදුකරන්න අප සුදානම්" ඒ පිළිබඳ කරුණු දක්මින් එම සංගමයේ සභාපති පියල් පද්මනාථ ප්‍රකාශ කර සිටියා.