Thursday, March 28, 2024

General line - 0115112241

අරුවක්කාරු වෙත කසළ ගෙන ගිය ටිපර් රථයකට අදත් ගල් ප්‍රහාරයක්

දිල්ශාන් තුෂාර




පුත්තලම අරුවක්කාරු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබාදෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගැනුණා.

මේ, එම සිද්ධිය පිළිබඳව කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර, 

" අද අලුයම පුත්තලම, තිල්ලිඅඩි ප්‍රදේශයේදී කසල ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වුනා. එහිදී එම කසල ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයට මෙන්ම ආරක්ෂාව සපයමින් ගිය පොලිස් කැබ් රථයකටද එම ගල් ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම අවස්ථාවේදීම ගල් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පිරිසක ගෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා".