Tuesday, April 23, 2024

General line - 0115112241

පොහොට්ටුවේ තරුණ සමුළුවේදී ගෝඨාභය සිය සැලසුම් හෙළි කරයි

දිල්ශාන් තුෂාර




රටේ ආර්ථිකය නැංවීමට තරුණයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ඉදිරි රජයක් තුළදී අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අමතමින්. මෙහිදී එම පෙරමුණේ නෙළුම් ප්‍රකාශනය ද ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වුනා. 

වතුකරයේ තරුණ ප්‍රජාවගේ අනාගතය යහපත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව ඇමතුවා.