Thursday, March 28, 2024

General line - 0115112241

සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තුවට 




පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා සමන් රත්නප්‍රිය ගේ නම හෙට (23) උදෑසන මැතිවරණ කොමිසන් සභාව වෙත යැවීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය හෙඹවූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිඛිතව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දන්වා යවනු ලැබුවා.