Wednesday, April 24, 2024

General line - 0115112241

හපුතලේ අනතුරෙන් මියගිය ගුවන් සෙබලුන්ට ලක්ෂ 450 ක වන්දියක් ගෙවයි




හපුතලේ තම්බපීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා සාමාජිකයන් සිව්දෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 450 ක වන්දි මුදලක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ අනුව අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 300 ක වන්දි මුදලක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

හපුතලේ, තම්බපීල්ල වතු ප්‍රදේශයකදී ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එම යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් නිරීක්ෂකයින් දෙදෙනෙකු ඉකුත් දා ජීවිතක්ෂයට පත්වුණා. මෙම අනතුර සිදුවුණේ වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිටියදීයී. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත කමිටුවක් ද පත් කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ අදාල වාර්තාව ද මේ වනවිට ලැබී ඇති බවයි.