Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික බොක්සිං ශූරතාවලියේ ශූරතාවය යුද හමුදා කණ්ඩායමට




2019 ජාතික බොක්සිං ශූරතාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම සමත්වුණා.

ජනවාරි මස 21 වනදා සිට 24 වනදා දක්වා රාජකීය විද්‍යාලයේ බොක්සිං අංගනයේදී මෙම තරඟාවලිය පැවැත්වුණේ ප‍්‍රමුඛ පෙළේ බොක්සිං ක‍්‍රීඩා සමාජවල සහභාගීත්වයෙන්.

එහිදී, යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායම රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 01 ක් හා ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත් වුණා.

වසරේ විශිෂ්ටතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේ 01 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප‍්‍රල් ඩබ්ලිව් ඒ ආර් සඳකැළුම්.

මේ අතර, 2019 ජාතික බොක්සිං ශූරතාවලියේදී යුද්ධ හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම ද ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගෙන තිබෙනවා.