Friday, April 19, 2024

General line - 0115112241

සිය රට බරපතල තත්ත්වයක බව චීනය දැනුම් දෙයි




නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිය රට බරපතල තත්වයකට මුහුන පා අති බව චින ජනාධිපති ෂී ජින්පින් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ  එරට රජයේ ඉහල පෙලේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවලින් පසුවයි.

මේ අතර නව කොරෝනා වෛරසයෙන් චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයින් ගණන 1,900කට අධිකයි.

මේ අතර වුහාන් ප‍්‍රාන්තය තුළ අද සිට පෞද්ගලික රථ වාහන ධාවනය  තහනම් කර තිබෙනවා. මීට පෙර එහි පොදු ප‍්‍රවාහන සේවා පමණයි තහනම් කර තිබුණේ. පවතින තත්ත්වයත් සමග මේ වනවිට චිනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වනවා.  

මේ අතර වුහාන් සහ හුබේ නගරවල සිරවී සිටින සිය වැසියන් මුදාගැනීමට අමෙරිකව සුදානම් බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා චීන බලධාරින් සමග පැවති සාකච්ඡා වට කිහිපයක්ම සාර්ථක වී ඇති බවද සඳහන්. 

මේ අතර වුහාන් නගරය තුළ සිටින සිය රටවැසියන් මුදා ගැනීමට බි‍්‍රතානයද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.