Friday, March 29, 2024

General line - 0115112241

ජපානය සමග තරගය ජය ගත්තත් ශ්‍රී ලංකා යොවුන් පිළට කුසලානයේ මග අවහිර වේ




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා.

ඒ, පළමුවරට යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක් සඳහා එක් වූ ජපානය කඩුළු 9 කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජපාන යොවුන් කණ්ඩායම ලකුණු 43 කට සීමා කිරිමට ශී‍්‍ර ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 8 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගත්තා.

මෙම තරගය ජයගත්තද ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එය ප‍්‍රමාණවත් වූයේ නැහැ.

ඒ, මූලික වටයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ඉන්දියාව සහ නවසීලන්තය හමුවේ පරාජයවීම හේතුවෙන්.

ඒ අනුව ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට දැන් සිදුව ඇත්තේ පළඟ ශූරතාව සඳහා තරග වැදීමටයි. පළඟ ශූරතාව සඳහා වූ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ශී‍්‍ර ලංකා සහ නයිජීරියානු යොවුන් කණ්ඩායම් අතර හෙට (27) පැවැත්වීමට නියමිතයි.

මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙනවා.