Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රමාද සිදු කරන්නේ 19යි




19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ බොහෝ අංශ අකර්මන්‍ය කර ඇති බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් කඩිනමින් ඉටු කළ යුතු කරුණු ක්‍රියාත්මක කිරිම ප්‍රමාද වන බවයි.

එයින් හානිය වී ඇත්තේ රටේ ජනතාවට බවයි බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය තුන්නාන ප්‍රදේශයේ කාන්තාවන් සඳහා ස්වයං රැකියා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ගමන ශක්තිමත් කිරීමට නම් 19 වන සංශෝධනයේ ඇතැම් කරුණු සංශෝධනය කළ යුතු බවත් ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී  3/2 බලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියා.