Saturday, April 20, 2024

General line - 0115112241

ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ගැනීමේ දින වෙන් කිරීම අද සිට




ඔන්ලයින් සේවාව යටතේ රියදුරු බලපත්‍රය ලබාගැනීමේ දී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දිනය සහ වේලාව වෙන්කර ගැනීමට අද (27) උදෑසන සිට අවස්ථාව උදා වුණා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම සේවාව දැනට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දී සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පිහිටි වෛද්‍ය ආයතන වල ද මෙම ඔන්ලයින් සේවාව ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ සඳහා දිනය හා වේලාව වෙන් කිරීම සඳහා වන පහසුකම්  අඅඅගබඑපසගකන වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි වනවා.