Friday, April 19, 2024

General line - 0115112241

චින සංචාරකයින් පරීක්ෂාවට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්




චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන්නැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලීමක් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා වෛරස් ආසාධන සම්බන්ධයෙන් අත්දැකීම් සහිත විශේෂිත පුහුණු කණ්ඩායමක සහය ලබා ගත යුතු බවයි. 

වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝවූ ආකාරය සම්බන්ධයෙන් ද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙලෙස පැහැදිළි කළා. 

මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කල ජාතික ක්‍රියාකාරී කමිටුව අද පළමු වරට රැස්වනවා. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරිම වැළැක්වීම සදහා ගතයුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. 

මීට අමතරව මෙම කමිටුවට උපදෙස් ලබාදීම සදහා තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීමට විශේෂ සාකච්ඡාවක් ද අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.