Thursday, March 28, 2024

General line - 0115112241

පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට




අමෙරිකා හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෝබි බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ඇතුළු පස් දෙනෙකු ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් කැලිෆෝනියාවේදී අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් යානයේ ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා. 

කෝබි බ්‍රයන්ට් අමෙරිකා ලීග් පැසි පන්දු තරගාවලියේදී නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමයි. ඔහුගේ දායකත්වය යටතේ එම කණ්ඩායම අවස්ථා 5කදී අමෙරිකා ලීග් පැසි පන්දු කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

වසරේ දක්ෂතම පැසි පන්දු ක්‍රීඩකයා ඇතුළු සම්මාන රැසක් ද බ්‍රයන්ට් දිනා සිටින අතර, අමෙරිකාව පැසි පන්දු ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ අවස්ථා දෙකකදීම ඔහු සිය දායකත්වය ලබාදුන්නා.

බ්‍රයන්ට් 2006 වසරේදී ටොරන්ටෝ කණ්ඩායමට එරෙහිව රැස් කළලකුණු 81ක අමෙරිකා ලීග් පැසි පන්දු ඉතිහාසයේ තරගයක් තුළ ක්‍රීඩකයෙකු දෙවනි වරට රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද එයයි.

පැසි පන්දු ක්‍රීඩාව ඇසුරින් බ්‍රයන්ට් නිර්මාණය කළ ” ඩියර් බාස්කට්බෝල්” නම් කෙටි චිත්‍රපටය 2018 වසරේදී හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ද දිනා ගත්තා. පසුව ඔහු සිය වසර 20ක තරග බිමට සමු දුන්නේ 2016 වසරේදීයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, හිටපු සුපිරි මලල ක්‍රීඩක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ඇතුළු බොහෝ දෙනෙකු කෝබි බ්‍රයන්ට්ගේ හදිසි අභාවය පිළිබඳව ශෝකය පළ කර තිබෙනවා.