Saturday, April 20, 2024

General line - 0115112241

විල්පත්තු රක්‍ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි




විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම පෙබරවාරි මස 12 දා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා. මෙම පෙත්සමට අදාළ වග උත්තරකරුවන් වෙනස් වී ඇත්නම් ශීර්ෂයන් වෙනස් කිරීමට සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසටයි අභියාචනාධිකරණය මෙහිදී නියෝග කළේ.

විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ මෙම පෙත්සම අද දින කැදවනු ලැබුවා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිවයි. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.