Thursday, April 25, 2024

General line - 0115112241

නිදහස් දින පෙරහුරුවට වසා තැබෙන මාර්ග මෙන්න 




නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමිව සිදුකරනු ලබන පෙරහුරුවන් සහ පෙබරවාරි 04 වෙනිදා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව පුහුණුවීම් ආරම්භ කරන ජනවාරි මස 31 වෙනිදා සිට හා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා විවිධ කාල සීමාවන් වලදී රථවාහන ධාවනය නැවැත්වීමට සහ ධාවනය සිමා කිරීමට කටයුතු යොදා ඇත.

ඊට අමතරව පෙබරවාරි මස 04 වෙනිදා අළුයම 4.00 සිට දහවල් 1.00 දක්වා නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇත. 

එලෙස වසා තැබෙන මාර්ග, කාල සීමාවන් සහ විකල්ප මාර්ග පහත දැක්වේ.