Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය කි‍්‍රකට් නායකයෙකු වෙනුවෙන් යාපනයේ සැමරුම්




ඉන්දීය සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝණිගේ ජන්දම දිනය වෙනුවෙන් යාපනය කී‍්‍රඩා ලෝලීන් පිරිසක් සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. මහේන්ද්‍ර සිං දෝණිගේ 39 වන ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් යාපනය ප‍්‍රදේශයේ කී‍්‍රඩා ලෝලීන් ලේ දන්දීමේ වැඩසටහනක් සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් දහවල් ආහාරය ලබාදීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

යාපනයේ වෙසෙන මහේන්ද්‍ර සිං දෝණිගේ කී‍්‍රඩා ලෝලී රසිකයින් ඔහුගේ රුව සහිත ඇඳුම් සහ අනුරුව සකස් කරමින් මෙම සැමරුම් සංවිධාන කර තිබීම විශේෂත්වයක්.