Thursday, March 28, 2024

General line - 0115112241

දේශීය කි‍්‍රකට් තරග යළි ඇරඹේ




කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ දේශීය කි‍්‍රකට් තරග යළි ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අන්තර් සමාජ පළමු පෙළ කි‍්‍රකට් තරග ලබන 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.  

මෙම තරගාවලිය ලබන අගෝස්තු මස 03 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට නියමිතව තිබෙනවා.  කී‍්‍රඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුගතව අන්තර් සමාජ පළමුපෙළ දේශීය කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කළා.

දේශීය කි‍්‍රකට් තරග සමය ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ තරග නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්ෂකයින් කී‍්‍රඩාංගණයට ඇතුළු කිරීම ද සීමා කර ඇති බවයි.