Saturday, April 20, 2024

General line - 0115112241

තවත් බොලිවුඩ් සුපිරි තරුවකගේ පවුලේ සාමාජිකයන් කොරෝනා ආසාධිතයන් වේ




ඉන්දියාවේ තවත් ප‍්‍රවීන බොලිවුඩ් නළුවෙකු වන අනුපම් ඛේර්ගේ පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. අනුපම් ඛේර්ගේ මව, සොහොයුරා, සොහොයුරාගේ බිරි`ද සහ දියණිය එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත්, අනුපම් ඛේර්ට මේ දක්වා නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පී සී ආර් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
ජනප‍්‍රිය බොලිවුඞ් නිළි ආයිශ්වර්යා රායි බච්චන්ටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. 

ඇයගේ 8 හැවිරිදි දියණිය වන ආරාධ්‍යා බච්චන් හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේ.

පසුගිය 11 වනදා ආයිශ්වර්යා රායිගේ ස්වාමි පුරුෂයා වන සුපිරි නළු අභිෂේක් බච්චන් හා ඔහුගේ පියා වන සුපිරි නළු අමිතාබ් බච්චන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. 

කෙසේ වුවත් එහිදී අමිතාබ් බච්චන්ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. නමුත් ඇය යළිත් පී සී ආර් පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.