Thursday, April 25, 2024

General line - 0115112241

ගම්පහ දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ඇතුළු 08ක් නිරෝධායනයට 

ටෝනි කරුණානායක




ගම්පහ අංක 02 දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඇතුළු 08 දෙනෙකුව නිරෝධායනය සදහා අද (14) දින සිට යොමු කල බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. 

කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයෙකු ඉකුත් 06 වෙනිදා එම අධිකරණයේ පැවති නඩුවක සාක්ෂි කරුවෙක් ලෙස පෙනි සිට සාක්ෂි ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත උපදේශකයන් රැගෙන ගොස් ඇති වාහනයක රියදුරු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා කොරෝනා වෛරසය  ආසාදිත වු  අයෙකු බවට ඊයේ හදුනා ගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්තුමිය ඇතුළු එම අධිකරණයේ සේවයේ නියුතු 06 දෙනෙකු සහ නිතිවේදින් දෙදෙනෙකුව මෙසේ නිරෝධායනය සදහා යොමු කර ඇත.

එලෙස නිරෝධායනයට යොමු කළ මහේස්ත්‍රාත්තුමිය ඇතුළු 08 දෙනාව ඉදිරියේ දි පි.සි ආර්.පරික්ෂණය සදහා යොමු කරන බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් සදහන් කලේ.