Friday, April 19, 2024

General line - 0115112241

අද වාර්තා වූ කොරෝනා රෝගීන් 05 දෙනා ගේ තොරතුරු




නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 05 දෙනෙකු අද දිනයේ හඳුනා ගැනුණා. ඔවුන් අතරින් තිදෙනෙකු විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් කුණ්ඩසාලේ, ලංකාපුර, රාජාංගණය යන ප‍්‍රදේශවලින් වාර්තා වූ බවයි සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ.

මේ අතර, රාගම ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, එම රෝහලේ කළමණාකාරීත්වයේ සාමාජිකයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමගයි. මේ වනවිට ඔහුගේ ජෛව සාම්පල පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලය පැවසුවේ. එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා දේශනවලට සහභාගී වූ අයෙකු බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.