Friday, March 29, 2024

General line - 0115112241

පානදුර උතුර පොලිසියේ නිලධාරීන් සංවිධානය කළ සුවිශේෂී ලෝක ළමා දින උත්සවය (PHOTOS)




පානදුර කෙසෙල්වත්ත, හොරෙයිතුඩුව ප්‍රදේශයේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති ළමුන් ඉගෙනුම ලබන පාසැලක දරු දැරියන් 100 දෙනෙකුට ලෝක ළමා දිනය වෙනුවෙන් පානදුර උතුර පොලිසිය සහ ප්‍රජා පොලිස් කමිටුව විසින් අද දිනයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරනු ලැබුවා.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග වනිගතුංග ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රදේශය භාර පොලිස් අධිකාරී ඩි.යු.පි.අමරතුංග සහභාගී වුවා.

විශේෂ අවශ්‍යතා ඇති ළමුන් 100 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරන මෙම පාසලේ ළමුන් තමන්ගේ කුසලතා විදහා දක්වමින් විවිධ ප්‍රසංගයක් ද සුදානම් කොට තිබු අතර ඉන් අනතුරුව පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රජා පොලිස් කමිටුව විසින් එක්ව දරු දැරියන්ට විශේෂ සංග්‍රහයක් ද පිරිනමනු ලැබුවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකිවීම සතුටට කරුණක් බවයි පානදුර ප්‍රදේශය භාර පොලිස් අධිකාරී ඩි.යු.පි.අමරතුංග සඳහන් කළේ.