Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා මඩින්න ජෝ බයිඞ්න්ගෙන් නව සැලසුම්




අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එරට කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සැලසුම් රැසක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. සිය ජනාධිපති ධූරයේ පළමු දින 100 තුළ කොරෝනා මර්දන එන්නත් මිලියන 100 ක් ජනතාවට ලබාදෙන බවටයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ. 

එමෙන්ම ඉදිරි දින 99 ක කාලය තුළ සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ජෝ බයිඞ්න් ජනතාවගෙන් ඉල්ලී්මක් කර තිබෙනවා. ජනපති ධූරයේ පළමු දිනය වූ ඊයේ දිනයේ සිටම පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව සහ එන්නත්කරණය ඉහළ නැංවීමටයි අමෙරිකානු නව ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ. ජාත්‍යන්තර සංචාරකයින් සඳහා වඩාත් සැලසුම්සහගත කි‍්‍රයාපිළිවෙතක් අනුගමනය කිරීමට මෙන්ම සෞඛ්‍ය ආම්පන්නවල හිඟතාවයන් සොයා බලා ඒවා කඩිනමින් ලබා දීමට ද ජෝ බයිඞ්න් බලධාරීන් දැනුවත් කර තිබෙනවා. 

හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කොවිඞ් මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කළේ තරමක් ලිහිල් ප‍්‍රතිපත්තියක්. ට‍්‍රම්ප් බොහෝ අවස්ථාවල කොවිඞ් වසංගත ව්‍යාප්තියේ බරපතල භාවය අවම කර පෙන්වීමට උත්සාහ කරමින්, සෞඛ්‍ය කි‍්‍රයාපටිපාටියන් ප‍්‍රාන්ත වෙත පවරා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.