Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල ලකුණු 381 කට දැවී යයි




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 381 කට පිළිතුරු වශයෙන්. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110 ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 92 ක්, ඩිල්රුවන් පෙරේරා ලකුණු 67 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52 ක් රැස් කළා.

 පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාවෙ 6 ක්. 38 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් වාර්තා පොත් අතරට එක් වූයේ ආසියාවේදී කඩුළු 5 ක් දවාගත් වයස්ගතම වේග පන්දු යවන්නා ලෙසයි. 

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 10 ම එංගලන්ත වේග පන්දු යවන්නන් විසින් දවා ගැනීම විශේෂත්වයක්.

එවැනි සිදුවීමක් මෙරටදී වාර්තා වූයේ වසර 26 කට පසුවයි. මීට පෙර 1994 වසරේදී පකිස්තානු වේග පන්දු යවන්නන් දෙපළ වන වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදි මෙවැනි දස්කමක් දක්වා තිබුණා.