Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනයට ඉන්දියාවේ සහය අත්‍යාවශ්‍යයි - අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයෝජන සඳහා ඉන්දියාව සම්බන්ධ කර නොගත හොත් එහි පාඩුව විඳීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසනවා. ඔහු කියා සිටියේ ඉන්දියාවේ සහය නොමැතිව පර්යන්තය සංවර්ධනයෙන් පමණක් ඵලක් නොවන බවයි. 

මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ රට සතු සම්පත් විකුණා දමනවා වෙනුවට රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙළක් දැන් හෝ සකස් කළ යුතු බවයි. 

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් මෙන්ම කාදිනල් හිමිපාණන් ද දැනුවත් කිරීමටයි වරාය වෘත්තීය සමිති සූදානම් වන්නේ.