Friday, April 19, 2024

General line - 0115112241

ඩයලොග් ටෙලිවිෂන්  තම පාරිභෝගිකයන්ට ප්‍රියතම චැනල් එක මිස් කෝල් එකකින් Activate කරගැනීම සඳහා අවස්ථාව සලසයි




ශ්‍රී ලංකාවේ Pay TV ටෙලිවිෂන් සේවා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TVජාලය වන  Dialog Television විසින් ඕනෑම දුරකතන ජාලයකින් තමන් කැමති ඕනෑම චැනලයක් හෝ චැනල් පැකේජයක් එක මිස් කෝල් එකකින් සක්‍රිය කරගැනීමේ සුවිශේෂී පහසුකම තම පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට කටයුතු කර ඇත. 
 
මෙම නව සේවාවෙන් සවිබලගැන්වූ පාරිභෝගිකයින්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් ඔවුන්ගේ Dialog TV ගිණුම ලියාපදිංචි වී සිටින දුරකථන අංකය ඔස්සේ එක මිස් කෝල් එකක් ලබාදීමෙන් තමන් කැමති චැනලයක් හෝ චැනල් පැකේජයක් activate කළ හැකි වේ. 
 
Dialog TV සමඟින් ලියාපදිංචිව සිටින අංකයකින් පාරිභෝගිකයන්ට 0760079XXX අංකයට මිස් කෝල් එකක් ලබාදීමෙන් කැමති චැනලයක් activate කළ හැක. මෙම සේවාව ලබාගැනීමේදී අවසන් අංක 3 (ඉහත ‘xxx’) සඳහා  තමන් activate කිරීමට කැමති චැනල් අංකය සඳහන් කළ යුතු අතර 100 ට අඩු අගයකින් ආරම්භ වන චැනල් අංක සඳහා මුලට 0 යෙදිය යුතුවේ. උදාහරණයක් වශයෙන් Dialog TV පාරිභෝගිකයෙකුට තම වැනල් පෙළට Ten Cricket (චැනල් අංක 69) චැනලය activate කරගැනීමට අවශ්‍ය නම් ලියාපදිංචිව සිටින දුරකතනයකින් 0760079069 අංකයට මිස් කෝල් එකක් දී චැනලය activate කරගත හැක. චැනල් පැකේජ activate කරගැනීම සඳහාද  මෙම ක්‍රමවේදයම අනුගමනය කළ යුතුයි. Activate කළ වැනල්වලට අදාළ මාසික ගාස්තුව පාරිභෝගිකයාගේ බිල්පතට එක් කරනු ලැබේ. 
 
මේ සම්බන්ධයෙන් Dialog Television හි ව්‍යාපාර ප්‍රධානී චිරන්ත ද සොයිසා මෙසේ අදහස් දැක්වීය. “එක මිස් කෝල් එකකින් පාරිභෝගිකයින්ට, ඔවුන් විසින්ම කැමති චැනලයක් හෝ චැනල් පැකේජයක් ඉතා පහසුවෙන් activate කරගැනීමේ නවතම ක්‍රමවේදය හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට පාරිභෝගිකයාට තමන්ට නැරඹීමට අවශ්‍ය දේ සහ නැරඹීමට අවශ්‍ය කාලසීමාව තීරණය කිරීමේ පූර්ණ නිදහස මේ හරහා පාරිභෝගිකයාට හිමිවී තිබෙන අතර, මේ තුළින් වඩා පහසුවෙන් කිසිඳු කරදරයකින් තොරව චැනලයක් activate කරගැනීමේ අත්දැකීමද පාරිභෝගිකයාට හිමිවේ.”
 
1777 ඩයල් කිරිමෙන් පාරිභෝගිකයන්ට තමන් ලියාපදිංචි වී ඇති දුරකතන අංකය යාවත්කාලීන කළ හැක. මිස් කෝල් සේවාව හරහා තමන් කැමති චැනල් activateකරගැනීමට අමතරව SMSඑකක් මගින්,679ඩයල් කර, අපගේ IVR සේවාවඔස්සේ,MyDialog Appහෝ dialog.lk යන ක්‍රම භාවිතයෙන්ද කැමති චැනලයක් activateකරගැනීමේ හැකියාව පවතී. මිස් කෝල් සේවාව ඔස්සේ කැමති චැනලයක් activateකරගැනීමට නම් පාරිභෝගිකයාගේ Dialog Televisionගිණුම සක්‍රියව පැවතිය යුතු අතර, ප්රමාණවත් ගිණුම් ශේෂයක් ද තිබියයුතුය.