Friday, April 26, 2024

General line - 0115112241

ඇමති වාසුදේව සුවවී නිවසට එයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ගාල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර පූර්ණ සුවය ලබා තිබෙනවා. ඔහුගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පැවසුවේ සුවය ලැබූ අමාත්‍යවරයා මේවනවිට කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණ ඇති බවයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා වෛරසය ආසාදිත බවට ඉකුත් 11 වනදා තහවුරු වීමත් සමග ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණා. කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මිට පෙර තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද පූර්ණ සුවය ලබා ඉකුත් දා සිය නිවෙස වෙත පැමිණ තිබුණා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ද කොරෝනා ආසාදිතව මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුව සිටි රාජ්‍ය අමාත්‍ය ඩී වී චානකට, කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඒ, ඔහුට සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණයේ ප්‍රථිපළ ලැබීමත් සමගයි. ස්වයං නිරෝධායනයට යොමුව සිටි අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ඉකුත් දා තහවුරු වුණා.