Friday, March 29, 2024

General line - 0115112241

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 843ක් : සමස්ත ආසාදිතයින් ගණන 58,000 ඉක්මවයි 




අද දිනයේ දී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 843ක් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් 841ක් දේශීයව වාර්තා වූ ආසාදිතයින් වන අතර සෙසු ආසාදිතයින් දෙදෙනා ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයින් වේ.

අද දිනය වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58,430ක් දක්වා ඉහළ ගොස් ඇත. රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 8,466ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

අද දිනය වන විට මෙරටින් සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,684ක්.