Wednesday, April 24, 2024

General line - 0115112241

ලොව සුපතල නිෂ්පාදන සඳහා හොඳ හොඳ ඩීල් දාන , 100% ක් ලාංකික online වෙබ් අඩවියක්




දිනෙන් දින වෙනස් වෙමින් පෙරටම යන වර්තමාන වාණිජ්‍ය ලෝකය Covid-19 වසංගත තත්වයත් සමග පෙර නොවූ විරූ ආකාරයක වේගවත් බවකින් නවීන තාක්‍ෂණයත් සමග බද්ධ වී කටයුතු කිරීමට යොමු වී ඇත. ඒ අතර විද්‍යුත් වාණිජ්‍යට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක. ඒ අනුව පාරිභෝගිකයා වෙළඳ සැලකට පිවිසී තමන්ට අවශ්‍ය නිෂ්පාදන ලබා ගන්නවා වෙනුවට online හරහා තමන්ට අවශ්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්‍ෂිතව පහසුවෙන් ලබා ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වන බවට මෑතක දී සිදු කර ඇති බොහෝ සමීක්‍ෂණ මගින් තහවුරු වී ඇත.

ජීවිතයට නැතුවම බැරි පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ හා නිෂ්පාදන රැසක් online හරහා ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ඇති හොඳම වෙබ් අඩවිය ලෙසින් Bigdeals.lk මේ වන විට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම හිමිකර ගෙන සිටියි.

රූපවාහිනී`, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර, සියලූම ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ, මුලූතැන්ගෙයි උපකරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන, ඇඟලූම්, පාවහන්, විසිතුරු ආභරණ, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් සහ කොලෝන්, ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ, ළදරු නිෂ්පාදන මෙන්ම එදිනෙදා පරිභෝජනය කරන ආහාරපාන ඇතුලූව පුළුල් පරාසයක විහිදුනු විවිධත්වයෙන් පිරි නිෂ්පාදන ගණනාවක් Bigdeals.lk වෙතින් ඉහළම විශ්වාසයකින් යුතුව ලබාගත හැක.

විද්‍යුත් වාණිජ්‍ය ( E-Commerce ) දැවැන්තයින් ලෙස ශී‍්‍ර ලංකාව තුල කටයුතු කරමින් සිටි සමාගම් රැසක ව්‍යාපාර කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් නතර වී ඇත. එයට ප‍්‍රධාන හේතුවක් වූයේ ඔවුන් විසින් එකම නිෂ්පාදන විවිධ සැපයුම්කරුවන්ගෙන් විවිධ වූ මිල ගණන් යටතේ ලබා ගෙන පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමට කටයුතු කිරීමයි. ඒ අතරින් බොහොමයක් සැපයුම්කරුවන් නිසි පරිදි ව්‍යාපාර කටයුතු වල නිරත නොවන පිරිසකි. ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරනු ලබන්නේ සැපයුම්කරු සහ පාරිභෝගිකයා මුණ ගැස්වීමට අවශ්‍ය අවකාශය (Online Platform ) සකසා දීම පමණක් වන අතර සැපයුම්කරු විසින් අලෙවි කරන භාණ්ඩ සම්බන්ධවද එම ආයතන වගකියනුු නොලබයි. එලෙස සැපයුම්කරුවන් බොහෝ දෙනෙකුගෙන් නිෂ්පාදන ලබා ගැනීම නිසා එම නිෂ්පාදන වල වගකීම, ප‍්‍රමිතිය සහ අලෙවියෙන් පසු සේවාව සම්බන්ධව විවිධ ගැටලූ වලට මුහුණ පෑමට පාරිභෝගිකයින්ට සිදු විය. එබැවින් එම සමාගම් වලට තිබූ පාරිභෝගික විශ්වාසය ගිලිහී ගොස් ඒවායේ ව්‍යාපාර කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

මේ වන විට ව්‍යාපාර කටයුතු නතර වී ඇති අනෙකුත් online ව්‍යාපාර හා සැසඳීමේ දී Bigdeals.lk සුවිශේෂී වන්නේ ඔවුන්ගේ එක් එක් නිෂ්පාදන සඳහා සිටින්නේ එක් ප‍්‍රධාන සැපයුම්කරුවෙකු පමණක් වන නිසාය. එහිදී තෝරා ගන්නා සැපයුම්කරුවා වෙළඳපොලේ විශ්වාසවන්ත බාවය තහවුරු කර ගත් සැපයුම්කරුවෙකි. එම හේතුව නිසා Bigdeals.lk හි එක් නිෂ්පාදනයක් සඳහා ඇත්තේ එක් මිලක් සහ දීමනාවක් පමණක් වන අතර එම දීමනාවන් වෙළඳපොලේ ඇති හොඳම සහ ලොකුම දීමනාව වන බවට ඔවුන් විසින් වගකියනු ලබයි.

තවද සියලූම බැංකු ඔවුන් සමග එක්ව වැඩ කටයුතු සිදු කරනු ලබන අතර ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 60 දක්වා ටික ටික ගෙවීමේ පහසුකම මෙන්ම ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී දීමනාවන්ද Bigdeals.lk වෙතින් ලබා දී ඇත. ඔවුන් විසින් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා භාවිතා කරනුයේ සුප‍්‍රකට බෙදාහැරීමේ ජාලයක් වන අබාන්්ස් බෙදාහැරීමේ ජාලය වීමද තවත් සුවිශේෂීතාවයකි.

2021 මාර්තු මාසයේ Bigdeals.lk සිය ව්‍යාපාර කටයුතු වල 9 වන වසර සම්පූර්ණ කරන අතර දිගු කලක් අඛණ්ඩව විශ්වාසවන්ත ලෙස ව්‍යාපාර කටයුතු වල නිරත වීම ඔවුන්ගේ සාර්ථකත්වය සනාථ කරනු ලබයිි.

දැනට ශී‍්‍ර ලංකාව තුල කි‍්‍රයාත්මකව ඇති ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ online හරහා මිල දී ගැනීමට ඇති බොහෝ විදෙස් සමාගම් මිල දී ගත් නිෂ්පාදනයේ වගකීම් කාලය අවසන් වන තුරු වත් රට තුල කි‍්‍රයාත්මක වන්නේ නැත. නමුත් Bigdeals.lk දේශීය සමාගමක් වන නිසාත් එහි කි‍්‍රයාකාරීත්වය සම්පූර්ණයෙන් ශී‍්‍ර ලංකාව තුල කි‍්‍රයාත්මක වන නිසාත් ධබකසබැ හරහා මිිල දී ගන්නා නිෂ්පාදන වල විශ්වාසවන්ත බව ඉහළින්ම තහවුරු වෙයි.

එබැවින් මිල දී ගන්නා නිෂ්පාදන වල වගකීම හෝ අලෙවියෙන් පසු සේවාව සම්බන්ධව බිය විය යුතු නැත. Bigdeals.lk වෙතින් ලබා ගන්නා නිෂ්පාදන සඳහා දිවයින පුරා 500 කට අධික සේවා මධ්‍යස්ථා වලින් සුපිරි අලෙවියෙන් පසු සේවාවක් හිමිවන අතර අද්විතීය වගකීමක් ද හිමි වේ. දිවයින පුරා විසිරී සිටින පාරිභෝගික ජනතාවට වගකීමක් සහිත online සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙමින් අවශ්‍ය කරන නිෂ්පාදන පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම Bigdeals.lk හි එකම අරමුණයි.