Tuesday, April 23, 2024

General line - 0115112241

අයී සී සී ටෙස්ට් ශූරතා අවසන් තරගය වැස්සට සේදෙන ලකුණු




ඉන්දියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැත්වෙන අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ සිව් වන දිනය වර්ෂාව හේතුවෙන් ඊයේ අතහැර දැමුණා.

තරගයේ පළමු දිනයද අතහැර දැමුණේ වර්ෂාව හේතුවෙන්. ඒ අනුව මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. එසේ වුවහොත් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැති අයි සී සී ටෙස්ට් ශූරතා තරගාවලියේ සම ශූරයින් ලෙස ඉන්දියාව සහ නවසීලන්තය ඉතිහාසගත වනු ඇති.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 217 ක් රැස් කළා. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 101 ක්. අද මෙම තරගයේ අවසන් දිනයයි.