Friday, April 19, 2024

General line - 0115112241

එන්නත් හිගය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් අසීරුතාවක




දිළිදු රටවලට කොවිඩ් මර්දන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානයේ ජේ්‍යෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් ප්‍රකාශ කර ඇත්තේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දි ඇති බවයි. එහෙත් ලොව පුරා තවමත් පැතිර යමින් ඇති කොරෝනා වෛරසයෙන් ජනාතාව ආරක්ෂා කර ගැනීම සඳහා එම එන්නත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

ධනවත් රටවල් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් රැස් කිරීම ලොව පවතින කොවිඩ් මර්දන එන්නත් හිගයට හේතුවක්. එවැනි පසු බිමක් තුළ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝෂා ධනවත් රටවලින් ඉල්ලා සිටියේ එන්නත් රැස් කිරීම නතර කරන ලෙසයි. මහද්වීපික මට්ටමින් සැලකූ විට අප්‍රිකානු මහද්වීපයට ලබා ගැනීමට හැකිව ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 40ක් බවත් එම ජනග්‍රහණයෙන් සියයට දෙකකටත් වඩා අඩු ප්‍රතිශතයක් බවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.