Thursday, April 25, 2024

General line - 0115112241

හැටන් ගාමිණි පුර ජනතාව දිවියන් නිසා භීතියෙන්




හැටන් සිංගිමලේ රක්ෂිතයේ සැරිසරන අදුන් දිවියන් ගොදුරු සොයා රාත්‍රී කාලයේ තම නිවාස අසලට පැමිණිම නිසා තමන් දැඩි භීතියට පත් වි සිටින බව හැටන් ගාමිණිපුර ජනතාව පවසනවා.

රාත්‍රී කාලයේ අදුන් දිවියන් කිහිප දෙනෙකු සුනඛයින් සහ බළලුන් දඩයම් කිරිම සදහා සිය ගම්මානයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එලෙස ගම්මානයට පැමිණෙන අදුන් දිවියන් එම ප්‍රදේශයේ නිවාසවල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති වලද සටහන් වි තිබෙනවා.

මේ හේතුවෙන් රාත්‍රී කාලයේ නිවසින් බැහැර විමට හැටන් ගාමිණිපුර ජනතාව බියෙන් පසුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.