Thursday, April 25, 2024

General line - 0115112241

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන්ගෙන් ඉල්ලීමක්




බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ඝණයේ සැකකරුවන් 05 දෙනෙකු හෙටට යෙදි ඇති පොසොන් පුර පසොලොස්වක පොහොය දිනයේදී සිල් සමාදන් වීම සදහා බන්ධනාගාර අධිකාරිවරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇති බුස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිතව රදවා සිටින සැකකරුවන් එවැනි ඉල්ලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව විශේෂ ආරක්ෂාවක් සහිතව අදාල සැකකරුවන් 05 දෙනාට හෙටට යෙදී ඇති පොසොන් පොහොය දිනයේ සිල් සමාදන් වීමට අවස්ථාව ලබා දී ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.