Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවුණා. කලක් අසනීප තත්ත්වයෙන් සිටි බුදවත්ත මහතා ගල්කිස්ස කලාපුරයේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේඥාතීන් පැවසවා.

සාම්ප්‍රදායික නර්තන කළාව වෙනත් මාර්ගයක ගමන් ගන්නා යුගයක සිය ශිෂ්‍ය පරපුර ද සමග සාම්ප්‍රදායික දේශීය නර්තන කළාවේ ප්‍රගමනය වෙනුවෙන් බුදවත්තයන් කැපවී ක්‍රියා කළා. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නර්තන කණ්ඩායමේ ප්‍රථම නර්තන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර ගණනාවක් රාජ්‍ය නර්තන කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලාංකීය නර්තනය ඔසවා තැබීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කුලසිරි බුදවත්ත මහතා රූපවාහිනී යොවුන් නර්තන නිර්මාණකරණයේ පුරෝගාමියා ලෙසද සැලකෙනවා.