Friday, March 29, 2024

General line - 0115112241

තවත් කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගසයි




යාපනය වේලනෙයි තුරෙයි ඌර් මුහුදු වෙරළට මියගිය විශාල කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. මේ වන විට උතුරු මුහුදු වෙරළට මියගිය කැස්බෑවන් පස් දෙනෙකුගේ සහ තල්මසුන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩගසා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර හම්බන්තොට ඉදිවින්න ප්‍රදේශයේ වෙරළ තීරයට ද මියගිය කරස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

මියගිය කැස්බෑවාගේ සිරුර පරීක්ෂණ කටයුතු සදහා වනජීවී නිලධාරීන්ට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම කැස්බෑවන් සහ තල්මසුන් මිය ගොස් ඇත්තේ කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම මතද යන්න පිළිබදව පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.