Friday, April 19, 2024

General line - 0115112241

ෆයිසර් එන්නත් 26,000 ක් ලබන මස මුලදී මෙරටට




රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා   78,000 ක් ලබන මාසය තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා.

එම එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා 26,000 ක් ජූලි මස 05 වනදා මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. එන්නත් මාත්‍රා 26,000 බැගින් ජූලි 12 සහ ජූලි 19 යන දිනවලද එන්නත් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව චීනයෙන් ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ජූලි මස පළමු සතියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.