Friday, March 29, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා දෙවන එන්නත වෙනුවට විකල්පය ගැන තීරණය සති 02 කින්




ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට එම වර්ගයේ එන්නත් සොයා ගැනීමට නොහැකිවූවොත් ගත හැකි විකල්පය සම්බන්ධයෙන් විද්‍යාත්මක කමිටුවේ නිර්දේශ සති 02 ක් ඇතුලත ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

විපක්ෂ නායකවරයා යොමුකර තිබූ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා. ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ පැවැත්වූ විරෝධතා මධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරිය අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී අදහස් පළ කළේ මෙලෙසයි.