Thursday, April 25, 2024

General line - 0115112241

වසර 07 ක් පුරා නොලැබුනු ජයක් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද රාත්‍රියේ එංගලන්තයට එරෙහිව පිටියට




කාර්ඩිෆ් හිදි පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පිතිකරුවන් හයදෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද තරගයට ක්‍රීඩා කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස තරග 3ම පරාජයට පත්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව අවසන් වරට පන්දුවාර විස්ස තරගයක් ජයග්‍රහණ කර ඇත්තේ 2014 වසරේදීයි. ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ වසර 7කට පසු එංගලන්ත පිලට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයක ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්.

දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්ස තරග 9ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක් එංගලන්තය ජය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4ක්.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 8 වන ස්ථානයේයි.