Thursday, April 25, 2024

General line - 0115112241

මහ බැංකු අධිපති ධූරයට කබ්රාල් පත් කෙරේ



පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්රාල් ලබන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. 

ඔහු ලබන 15 වනදා මහ බැංකුවේ අධිපති ලෙස වැඩභාර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

ප්‍රවීණ ඝණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.