Thursday, March 28, 2024

General line - 0115112241

රත්නපුර - කැටන්දොළ මාර්ගයේ අනතුරුවලට වාර්තාවක් කැඳවයි




රත්නපුර - කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී කන්ටේනර් රථයක් ප්‍රපාථයකට පෙරලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා මාර්ග අමාත්‍යංශය වාර්තාවක් කැඳවා තිබෙනවා. 

ඇතැමුන් චෝදනා කළේ අදාළ මාර්ගයේ සිදුකෙරෙන අළුත්වැඩියා කටයුතු හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇති බවයි. 

වසර 10 ක පමණ කාලයක සිට අදාළ මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. 

මේ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

ඔහු පැවසුවේ අනතුර සම්බන්ධයෙන් තමන් වාර්තාවක් කැඳවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හැකි වන්නේ එම වාර්තාව නිකුත්වීමෙන් අනතුරුව බවයි. 

අධික වේගයෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර - කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී ලිස්සා යෑමෙන් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී ඊයේ එම අනතුර සිදු වූ අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදු වුණේ නැහැ. 

කන්ටේනර් රථයක් එලෙස මාර්ගයෙන් ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරළී තිබුණේ ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද අනතුරට ලක් කරමින්. අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවුණා.